dav

අපූරු නත්තල් සැරසිල්ලක් – බාලදක්ෂ/බාලදක්ෂිකා ක්‍රියාකාරකම්

නාසරෙත්හි ජේසුස් වහන්සේගේ (Jesus of Nazareth) උපත සිහිපත්ක රන නත්තල හෙවත් නත්තල් දිනය සෑම වසරකදී ම දෙසැම්බර් 25 වන දිනයෙහි 
තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. කුඩා ළමුන් අතර ජනප්‍රිය සැන්ටා ක්ලෝස් (Santa Claus) හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ අමතක කළ නොහැකි චරිතයක්. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් (St. Nicholas) හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත.

නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජනතාව අතරින් 96% ක් නත්තල සිහිපත් කරති. 

නත්තල් ගස බොහෝ ලෙස හඳුන්වනු ලබන්නේ මිථ්‍යාදෘෂ්ටික සම්ප්‍රදායේ සහ සදාහරිත අතු හා ගස් වන්දනා යාගයක ක්‍රිස්තියානිකරණයක් ලෙස ය. වර්තමාන නත්තල් ගසේ සම්ප්‍රදාය 18 වන සියවසේ දී ජර්මනි‍යේ දී ආරම්භ වී ඇති බවට විශ්වාස කෙරේ. නමුත් 16 වන සියවසේ දී එය මාර්ටින් ලූතර් ආරම්භ කල බවට සමහරු තර්ක කරති. ජර්මනියේ සිට මෙම චාරිත්‍රය එංගලන්තයට ප්‍රථමයෙන් හඳුන්වා දෙන ලද්දේ එකල විසූ චාලට් රැජින විසිනි. ඉන්පසු වික්ටෝරියා රැජින ගේ කාල වකවානුවේ දීඇල්බට් කුමරු විසින් එය තව දුරටත් සාර්ථකව හඳුන්වා දෙන ලදී. එම කාලයේ දී ම ජර්මානු සංක්‍රමිකයින් විසින් එම සම්ප්‍රදාය ඇමරිකා එක්සත් ජනපදයට ද හඳුන්වා දී ඇත. නත්තල් ගස්, විදුලි බුබුලු සහ විසිතුරු සැරසිලි වලින් අලංකාර කරනු ලැබේ. 19 වන සියවසේ සිට පොයින්සෙටියා (poinsettia) නැමති ශාක වර්ගය නත්තල සමග සම්බන්ධ වී ඇත. හොලී (holly), මිසල්ටෝ(mistletoe), රතු ඇමාරිලිස් (red amaryllis) සහ නත්තල් පතොක් (Christmas Cactus) මෙම උත්සව සමයේ දී විශේෂිත අනෙකුත් ශාක වර්ග වේ. නත්තල් ගස සමග ගේ දොර ද, මෙම ශාක වර්ග වලින් සැරසිය හැක. තව ද මල් වඩම් සහ සදාහරිත ශාක අතු ද මේ සඳහා භාවිතා කල හැක.

ස්වභාවික නිර්මාණවලට හැමෝම කැමැතියි. නත්තල් සමයේ සැරසිලි කරද්දි, කඩෙන් ගන්න සැරසිලිවලට වඩා සිගිති, පෝතක, කුඩාමිතුරි, බාලදක්ෂිකා සහ බාලදක්දෂ දරුවන්රට ගෙදරදී හදා ගන්න පුළුවන්.