වෙසක් සිරියෙන් රටම නැහැවෙන මේ වගේ කාල සීමාවක, හැම දෙනාගෙම වගේ හිත යන්නේ වෙසක් නිර්මාණවලටයි. විදුලි බුබුළු,ඉටි පන්දම්වලින් එළිය කෙරෙන වෙසක් පහන්, වෙසක් පහන් කූඩු වගේ නිර්මාණ විවිධාකාරයෙන් නිර්මාණය වන අතරේ, බොහෝ දෙනාගේ නිර්මාණ හැකියා ප්‍රදර්ශනය වන කාලයක් විදිහටත් මේ කාලය හඳුන්වන්න පුළුවන්. වර්ණ කොළවලින් පමණක් නෙමෙයි, විවිධ අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය වන පහන් කූඩු අපි දැකලා තිබෙනවා. අපි මේ ඉදිරිපත් කරන්නේ, ඒ වගේ ‍වැඩි වියදමක් නොමැතිව හදා ගන්න පුළුවන් නිර්මාණ කිහිපයක් පිළිබඳයි. වෙසක් එකට හැදෙන අපේ ජනප්‍රියම කූඩුව තමයි තරු, නෙලුම් මල්, බිලිං කූඩු, අටපට්ටම් තමයි හැම ගෙදරකම වගේ දකින්න ලැබෙන්නෙ.

ඔබේ නිවසත් වෙසක් සැරසිලි වලින් සරසාගන්න අවශ්‍ය නම්, ඒ සඳහා අවශ්‍ය කරන වෙසක් සැරසිලි මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම පිටකොටුව පැත්තට ගියා නම් වෙනස්ම විදියේ වෙසක් සැරසිලි වුණත් මිලට ගන්න පුළුවන්. නමුත් පෝතකයෝ, බාලදක්ෂයෝ වගේ නිර්මාණශීලී අපේ දරුවන්ට යමක් හිතල බලලා කරන්න පුළුවන් නිසා අපි හිතුවා හැමපාරම දකින මේ වෙසක් සැරසිලි වලට පොඩි වෙනසක් ගේන්න. පවුලේ අය එකතු වී ගෙදරදී පහසුවෙන්ම හදාගන්න පුලුවන් ලස්සන සහ වෙනස් වෙසක් සැරසිලි කීපයක් ඔයාල වෙත ගෙන එන්න. මේ සමහරක් ඒව ඉතාම අඩු වියඳමකින් සහ අඩු කාලයක් ඇතුලේ හදාගන්න පුලුවන් වෙසක් සැරසිල්ලක්. දැනටමත් කූඩු හදල ඉවර නැති බාලදක්ෂ අපේ දරුවන්ට උත්සාහ කරල බලන්න පුලුවන්. මේ ආකාරයට කොයි තරම් පහසුවෙන් වෙසක් නිර්මාණයක් කරන්න ඔබත් උත්සාහ ගන්න.

මේ පාර වෙසක් උත්සවය වෙනුවෙන් බාලදක්ෂ කණ්ඩායමෙන් මල් දන්සලක් නැත්තං, ප්‍රජා සේවයක්, පිං වැඩක් කලොත් අමතක නොකර අපිට කියන්න. Scouting සඟරාවෙයි, විජය බාලදක්ෂ කඳවුරෙයි, අපේ බාලදක්ෂ මුහුණු පොතෙයි ඒ සඳහා හැමදාමත් වගේ ඉඩකඩ වෙන් වෙලා තියෙනවා. scoutingmagazine@gmail.com අපිට ලියන්න.