පඩුවස් නුවරට බයිසිකල් සවාරියක්

හලාවත බාලදක්ෂ දිසාවට අයත් මාදම්ප සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය බාලදක්ෂයන් හා බාලදක්ෂ බාලිකාවන් එක්ව කි.මි.140ක දුරක් ගෙවා කුරුණෑගල පිහිටි නටඹුන් සහිත ඓතිහාසික අගනුවරක් වන පඬුවස්නුවර නැරඹීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධිනය කරනු ලැබීය. ගමන සදහා සහභාගී වූ සියලු බාලදක්ෂයන් හා බාලදක්ෂ බාලිකාවන් මනා අධීක්ෂණයකින් යුක්තව සමූපූර්ණ ගමන බයිසිකල්වලින් සිදු කිරීම මෙහි ඇති සුවිශේෂත්වය විය. මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරුව කේන්ද්‍ර කොට ගෙන සමස්ත ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත්වීමට පෙර ඊට සූදානම් වෙමින් දක්ඛිණ දේශයේ ප්‍රාදේශීය පාලකයා වී සිටි අවධියෙහි එය තම අගනුවර කර ගත් මෙම නුවර අගනා රජමාළිගාවක පුරා විද්‍යා නටඹුන් දැකිය හැකිය. 12 වන හා 13 වන සියවස්වලට අයත් පඩුවස්නුවර නටබුන් හෙක්ටයාර් 20ක පමණ විසිරී තිබේ.

සමූහ වාර්තාකරු – මාදම්ප සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය බාලදක්ෂ සමූහය

Leave a Reply