මිගමුව ශාන්ත ජූඩ් විදුහලේ මුහුදු බාලදක්ෂයෝ

මිගමුව ශාන්ත ජූඩ් විදුහලේ මුහුදු බාලදක්ෂ නිලලාංජන පැළදවීම පසුගියදා එම විදුහලේදී පැවැත්විණි. මෙහිදී මුහුදු බාලදක්ෂයන් 100 දෙනෙකු සදහා නිලලාංජන පැළදවීම සිදුකෙරිණු අතර මිගමුව දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් ලක්ෂාන් පෙරේරා,  බාලදක්ෂ ආචාරිණී ශෙනුලි ප්‍රනාන්දු මහත්ම මහත්මීන් විසින් නිල ලාංජන පළදවනලදී. උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස රියර් අද්මිරාල් (විශ්‍රාමික) රොහාන් අමරසිංහ මහතා සහ ශාන්ත ජූඩ් විදුහලේ විදුහල්පති රෝහිත රුද්‍රිගු පියතුමා  ඇතුලු සම්දභාවනීය අමුත්තන් රැසක් මෙම උත්සව අවස්ථාවට සහභාගී විය.

  

Leave a Reply