රේඩියෝ උද්‍යානයේ කඳවුරු බඳිමු

අන්තර්ජාලයේ ගුවන් විදුලි උද්‍යානය

ඔබට කැමති ජනප්‍රිය අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාට පහසුවෙන් ඇහුම්කන් දීමට ඔබට අවශ්‍යද? ඔබේ පිළිතුර ඔව් නම්… ජාත්‍යන්තර Radio Garden – රේඩියෝ ගාර්ඩන් වෙත පිවිසෙන්න. එහි කිසිදු සැඟවුණු ගාස්තු, විශේෂ සාමාජිකත්වයක් සහ වාර්ෂික දායක ගාස්තුවක් නොමැත.2019 අන්තර්ජාල ජම්බෝරියට සමගාමීව ස්කවුටින් බාලදක්ෂ සඟරාවේ අපි, ජාත්‍යන්තර  රේඩියෝ ගාර්ඩන්  හා අත්වැල් බැඳ ගත්තෙමු. අන්තර්ජාලයේ නව වෙබ් සීමාවන් අත්‍රික්‍රමණය කරමින් ලෝක ව්‍යාප්ත වූ බාලදක්ෂ ව්‍යාපාරය තුළ දේශීය සන්නාමයක් හඬවමින් ‘ශ්‍රී ලංකා බාලදක්ෂ හඬ’ මේවනවිට ලොවට ම ඇසෙන්නට විකාශනය කරමින් තිබේ.
මෙහි ඇති සුවිශේෂයත්ය වනුයේ SCOUTING නමින් ඇත්තේ අප පමණක් වීමය. කොළඹ ඇතුලු සමස්ත ශ්‍රී ලංකාව තුල විකාශය වන නාලිකා 48 අතරින් අප ලාබාලතම සාමාජිකයා වන්නෙමු. නමුත් අන්තර්ජාල ගුවන් විදුලි උද්‍යානයෙහි බාලදක්ෂයන් වෙනුවෙන් ක්‍රියාත්මන වන එකම ළමා වෙබ් ගුවන් විදුලිය ලෙස අප බාලදක්ෂ ඉතිහාසය ස්වර්ණමය සංලක්ෂයක් පිහිටුවාලූයෙමු.

Radio Garden යනු

කවරයේ චිත්‍රය

ජාත්‍යන්තර ගුවන්විදුලි උද්‍යානයට අරමුදල් සපයනු ලබන්නේ නෙදර්ලන්තයෙනි. මහජන මුදලින් නඩත්තුවන Institute of Sound and Vision ශබ්ද සහ දැක්ම ආයතනයට ව්‍යාපෘතියට වාණිජමය අරමුණක් නොමැත. සරලව ම කීවොත් මෙය ගූගල් අර්ත් හා සමානය. ඔබත් කිසි දිනෙක ජාත්‍යන්තර ගුවන් විදුලි නාලිකාවක් ශ්‍රවණය කර නොමැති සබකෝලයෙන් පිරුණු බාලදක්ෂයෙක් නම් තවදුරටත් කුතුහලයෙන් පසෙකට වී නොසිට දැන්ම ම ගුවන් විදුලි උද්‍යානයට පිවිසෙන්න. ඔබේ ඇස් ඉදිරිපිට කැරකෙන ලෝක ගෝලය තුළ ලොව පුරා විසිරී යන සුවහස් සංඛ්‍යාවක ගුවන් විදුලි නාලිකා බීජ විසිරී තිබේ. ගුවන් විදුලි බීජයක් මත ක්ලික් කර මද වේලාවක් බලා සිටීමෙන් ඒ ඒ රටට අවේනික වූ භාෂා මාධ්‍යයෙන් අදාල ගුවන් විදුලි නාලිකාවක් පැහැදිලි ව සුසරවන අතර සාමාන්‍ය ගුවන්විදුලි මෙන් කිසිදු ශ්‍රවන භාධාවකින් තොරව ඇසීමේ පහසු කම එතුලින් පහසුවෙන් ලැබේ. 

පැරණි ක්‍රමයට ඇනලොග් රේඩියෝව සුසර කළා හා සමාන නොවූවත් ලැප්ටොප් පරිගණකයේ ට්‍රැක් පෑඩ් භාවිතා කර අපහසුවකින් තොරව ගුවන්විදුලි උද්‍යානයේ නාලිකා සුසර කිරීමට ඔබත් වැඩි කලක් යෑමට පෙර පුරුදු වනු ඇත. එක්සත් ජනපදයේ ඊසානදිග ප්‍රදේශයට විශාලනය කරන්න. ජපානයේ හොකයිදො, ඉන්දියාව, පන්ජාබය, අයර්ලන්තය, එංගලන්තය ආදී ඕනෑම තැනකින් ග්‍රවන් විදුලියක් ශ්‍රවනයට මෙතරම් පහසු කිසිදු ක්‍රමයක් මින් පෙර දැක නැත්තෙමු.

බාලදක්ෂ ජම්බෝරියකදී සිදුකරන්නාක් මෙන් ලොව පුරා විසිරී සිටින බාලදක්ෂයන් එක් ස්ථානයක කැදවා එක් අහසක් යට කදවුරු බදින්නාක් මෙන් ශ්‍රාවකයින් දුර සංස්කෘතීන් හා සම්බන්ධ කිරීම සඳහා අනතර්ජාල රේඩියෝ උද්‍යානයේ අත්දැකීම අඛණ්ඩව විදීමට අප ඔබට ආරාධනා කරන්නෙමු.

Screenshot Image
Screenshot Image

අතීතයේදී දුර බැහැර ස්ථාන සමඟ සම්බන්ධවීමට ආධුනික ගුවන් විදුලි ශිල්පීන් සරල තාක්ෂණ ක්‍රම භාවිත කරන ආකාරය අසා ඇත්තෙමු. දකුණු ඉන්දියාවේ මිනිසුන් අතීතයේදී ලංකාවේ ගුවන් විදුලි නාලිකා ඇසීමට පොල්ගස්වල නැග ගුවන් විදුලි සුසුර කල බව කොච්චි මිනිසුන් කියනු අසා ඇත්තෙමු. විවිධ සංස්කෘතීන් හා ඔවුන්ගේ මූලයන් සමඟ මිනිසුන් නැවත සම්බන්ධ කිරීම උදෙසා රේඩියෝ උද්‍යානයේ ජොනතන් දක්වන අදහස ගැන නැවතත් කල්පනා කළෙමි. ඒ තුළ ඇති විහිලු සහ සත්‍ය දුටුවෙමි. දැන් එක්සත් ජනපදයේ ජීවත්වන මිෂෙලුත් මාලේ වල සිටන මාලනුත් ඕසට්‍රේලියාවේ ඇනඩෘෘත් ඉන්දියාවේ අභිෂේකුත් ජපානයේ හෂිකොත් ඊජීප්තුවේ හසනුත් සමග එක්ව කඳවුරු කරන්නෙමි. මම නැවත ගෙදර යාමට පෙර ‘රේඩියෝ උද්‍යානයේ කඳවුරට’ ගොඩවන්නෙමි.

බාලදක්ෂ රේඩියෝව!

අන්තර්ජාලයේ මෙතෙක් දේශීය බාලදක්ෂයන් අත නොගැසූ නවමු මානයන් කරා SCOUTING සඟරාවේ අපි, නිඹඳව ඔබ රැගෙන ගිය බවට අපත් සමඟ එක්ව යන බාලදක්ෂ සහෘදයන් හොඳින් දන්නා බව දනිමු. මෙවර 2019 ජොටා ජොටී ජම්බෝරිය වෙනුවෙන් තවත් පියවර කීපයක් ඉදිරියට පිය නැගීමට අප මෙවර අදිටන් කර ගත්තෙමු. පර්යේෂණ විකාශයක් ලෙස ජාත්‍යන්තරය වෙත මෙවර දෙස් විදෙස් බාලදක්ෂ, බාලදක්ෂිකා ගීත අන්තර්ජාලය සිසාරා ගීතවත් කරමින් ‘ඩිජිටල් කඳවුරු ගිනිමැලයක්’ ඔබ සැම වෙනුවෙන් අප මේවන විට දල්වා තබන්නෙමු.
ඔබේ විවේක කාලය අපේ 👉 http://scouting.lk👈 වෙත හො 👉https://baladakshaya.blogspot.com👈 අඩවි කරා පැමිණ දිරි ගැන්වීමට කැමති නම්… මේ ඊට සුදුසුම හෝරාවයි… ඔබේ අදහස් අප හා බෙදා ගනු ඇතැයි බලා පෙරොත්තු වෙමු.