
ශ්‍රී ලංකා බාලදක්ෂ ගුරුතරුව නික්ම ගිය වගයි
මම ගෙදර ගියෙමි.
ජෙරල්ඩ් එම්. කුරේ (සම්මානනීය ජාතික පුහුණු කොමසාරිස්)
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ බාලදක්ෂ නායකයන් අතර ආදර්ශමත් බාලදක්ෂ පුහුණු නායකයා ඔහු ය. පෝතක බාලදක්ෂයෙකු ලෙස 1974.04.04 දින ව්‍යාපාරයට එක්වන එතුමා පෝතක ලී පදක්කම 1974දීත්, බාලදක්ෂ ලී පදක්කම 1972දීත්, මානවක ලී පදක්කම 1978දීත් ලෙස ත්‍රිත්ව ලී පදක්කම් දිනා ගත්තේය. 1980දී පුහුණු කිරීමේ නායකයෙකු (ALT) ලෙස පත් වූ අතර ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්වරයා ලෙස 1998-2003දී කටයුතු කළේය.
පොළොන්නරුව තලාව, පේරාදෙණිය ගුරු විදුහල් පහුණුවෙන් පසු පුහුණු ගුරුවරයෙකු ලෙස ඉදිබැද්ද මෙතෝදිස්ත විදයාලය, මොරටුව මෙතෝදිස්ත උසස් විද්‍යාලයෙහි 35 වසරක සේවය තුළ බිහිකළ දීප්තිමත් සිසුන් ගණන අසීමිත ය. පුවත්පත් කලා වේදියෙකු, සිංහල භාෂා ගුරුවරයෙකු ලෙස ලබා ගත් පන්නරය බාලදක්ෂ ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් නොමසුරුව දායාද කලේය.
ඍජු වාග් විලාශයත් එඩිතර බාලදක්ෂ පෞරුෂයත් එතුමාට ම අවේණික වූයේ ය. සුහදශීලී ළමා මිනිසා වත්මන් බාලදක්ෂයන්ට මෙන් ම බාලදක්ෂ නායකයයින්ට ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පූර්වාදර්ශයකි. බාලදක්ෂ සංගමයේ යාවජීව සාමාජිකයෙකු හා Medal of Merit 1996, Bar to the Medal of Merit 1999, රිදී පද්ම 2007, රිදී පද්ම රේඛාව 2003, රිදී සිංහ 2009 ආදී සම්මාන රැසකින් පිදුම් ලද්දේ ය.
වසර 60 ට පසු නැවතත් බාලදක්ෂයන් වෙත පිඩෘෘ බාලදක්ෂ කඳවුර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වෙත ලබා ගැනීමේ පුරෝගාමී මෙහෙවරක් සිදු කල අතර මෙරට ලී පදක්කම් පාඨමාලාව උපදේශක, පාඨමාලා අධ්යක්ෂ, සම්පත්දායකයින්, දේශකයින් ලෙස පෝතක, බාලදක්ෂ, මානවක ලී පදක්කම් නායකයන් දහස් ගණනින් බිහිකිරීමේ මුල්ගුරුවරයෙකු ලෙස දැවැන්ත මෙහෙවරක් ජාතික පුහුණු කිරීමේ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සිදු කළේය. මෙරට ලී පදක්කම් පුහුණුවේ අද්විතීය සංධිස්ථානය වූ 100වැනි ලී පදක්කම් පාඨමාලාව පිඩෘෘ බාලදක්ෂ කඳවුරෙහි පැවැත්වීමේ භාරදූර කාර්ය ජාතික පුහුණුකිරීමේ කොමසාරිස්වරයා ලෙස සිදුකලේ්ය.
දේශීය බාලදක්ෂ ක්‍රමවේද සැලසුම් කිරීමේ පුරෝගාමීන් අතර ප්රමුඛ කාර්ය භාරයක් සිදුකල බාලදක්ෂ සම්ප්රාප්තිකයා විය. පළමු වරට ජාතික ඇදුම බාලදක්ෂ පදක්කමින් සැරසූ එතුමා ගම් නියම් ගම් පුරා බාලදක්ෂ ජීවය ව්‍යාප්ත කිරීමේ භාරදූර කාර්යයෙහි ඇප කැප වී ක්‍රියා කලේය.
ශ්‍රී ලංකාවේ පැවත් වූ සියලු ම ජාතික ජම්බෝරිය සඳහා සදහා සහභාගී වූ එතුමා සතු බාලදක්ෂ පරිචය පරිණත බාලදක්ෂ නායකයෙකු බිහිකලේය. දිවියේ සැදෑසමය දක්වා ම බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ඇප කැප වී සිදු කල අමිල ජාතික මෙහෙවර සදා අමරණීය වේ.
එතුමාගේ මෘතදේහය අංක 96, “සුමුදු”, මොරටුව, විල්වරාවත්ත පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පෙබරවාරි මස 04 වන බ්‍රහස්පතින්දා සවස 4.00ට මොරටුමුල්ලේ මෙතෝදිස්ත පල්ලිය සුසාන භූමියේදී සිදු කෙරේ. සියලු බාලදක්ෂයන් සහ බාලදක්ෂ නායකයින් සම්පූර්ණ බාලදක්ෂ නිල ඇඳුමින් එතුමාගේ නිවසට පැමිණ අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
එතුමාගේ ආත්මය දෙමව් තුරුලේ සැතපේවා!
‘මම ගෙදර ගියෙමි’
ස්කවුටින් සඟරාව
04 පෙබරවාරි 2019


