විස්‍සයි විස්සට අපෙන්…

මී මැසි පාලනය ද දක්ෂයාට ජයගත හැකි පරිසරයට ඉතා වැදගත් හොඳ විනෝදාංශයකි. බාලදක්ෂ ව්‍යාපාරය දක්ෂයාට උනන්දුවක් ඇති අයට ජයගත හැකි ධෛර්ය සම්පන්න අයට පෙරට යා හැකි ළමයාගේ දක්ෂතා එලිදැක්වීමට ඇති වේදිකාවකි. ඉලක්කයකට ගමන් කරන ගමනකට හරියට වැඩක් කරන්නට පාර කියාදෙන්නට Scouting සඟරාව හා විජය බාලදක්ෂ කඳවරු විසින් නිර්මාණය කළ අලුත්ම වැඩසටහන වනුයේ BE SCOUT with BEE SCOUTING වේ. මී මැසි පාලනයේ සිට ඩිජිටල් නිර්මාණකරු දක්වා යන ගමනේ බාලදක්ෂයාට ජයගත හැකි හොඳම විනෝදාංශය වනුයේ පරිසරයට ඉතා සමීපව කටයුතු කල හැකි වැඩසටහනක් වනුයේ මී මැසි පාලනයයි.

මී මැසි පාලනය සඳහා උනන්දුවක් දක්වන සිඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, මෙන්ම බාලදක්ෂිකා ඔබ සැමට අපිත් සමග එක්විය හැකියි. තනි තනිව හෝ බාලදක්මීෂ කණ්ඩායම් ලෙස මී මැසි පාලනයට යොමුවීමෙන් මල් ඵලවලින් පිරුණු පරිසරයට වඩාත් හිතකාමී ජීවිතයක් අත්විදිය හැකිය. මී මැසි පාලනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා පූර්ණ දැනුමක් ලබාගැනීමෙන් අනතුරුව මී මැසි පාලනය ප්යෝගිකව පුහුණුවීමට අමතරව ප්‍රවීණතා පදක්කම ද දිනාගත හැකිය. මතුගම බාලදක්ෂ මී මැසි ජනපදය හා ඔබත් එක්වීමට කැමති නම් අමතන්න.

මී මැසි පාලනය සඳහා උනන්දුවක් දක්වන සිඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, මෙන්ම බාලදක්ෂිකා ඔබ සැමට අපිත් සමග එක්විය හැකියි. මී මැස්සන් ඇතිකිරීම මඟින් මී පැණි හා මී ඉටි ඇතුළු මී මැස්සන් විසින් නිපදවනු ලබන ද්‍රව්‍ය මිනිසාගේ පරිභෝජනය සඳහා ලබාගැනීමට යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය මී මැසි පාලනය නමින් හැඳින්විය හැකිය. ලංකාවේ බොහෝ ප්‍රදේශයන් තුළ මී මැසි පාලනය ඉතා සරුසාරව සිදුකළ හැකියි.

අවම පිරිවැයකින් වැඩි ආදායමක් සහ ආත්ම තෘප්තියක් ලබාගත හැකි කාර්යයක් ලෙස මී මැසි පාලනය හඳුන්වා දිය හැකිය. මී මැසි පෙට්ටි තුළින් මී මැසි පාලනය ඉතා සාර්ථකව සිදුකරන පුද්ගලයන් බොහෝ සිටී. ඇතැම් පිරිස් මී මැසි පාලනය විනෝදාංශයක් ලෙසද සිදුකරයි. මී මැසි පාලනය වර්තමානයේදී බොහෝ ගම්වල පිරිස් ස්වයං රැකියාවක් ලෙසද සිදුකරයි.  වර්තමානයේ මී පැණි ඉල්ලුමෙන් සියයට අසූවක් ගෙන්වන්නේ පිටරටිනි. ලෝකයේ මේ වනවිට මී පැණි සඳහා වන ඉල්ලුම ඉතා ඉහළය. එහි ඉල්ලුම කොතෙක්දැයි කිවහොත් ඉල්ලුමට සරිලන ආකාරයට සැපයුම ලබාදීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. ලංකාවට පැමිණෙන සංචාරකයන් බොහෝ විට පැණි වදය සමග පැණි කෑමට රුචියක් දක්වයි. සාමාන්‍යයෙන් පැණි සමග පැණි වදයක් රුපියල් 1500කට පමණ අලෙවි කළ හැකි වන අතර, වෙළෙඳපොළේ මී පැණි බෝතලයක් රුපියල් 2000කට ආසන්න මුදලකට අලෙවි වේ. මී මැසි පෙට්ටියකින් සාමාන්‍යයෙන් අවුරුද්දකට මී පැණි කිලෝ 8-10ත් අතර ප්‍රමාණයක් කැඩිය හැකි වේ. 

මතුගම බාලදක්ෂ මී මැසි ජනපදය

මී මැසි පාලනය සඳහා උනන්දුවක් දක්වන සිඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, මෙන්ම බාලදක්ෂිකා ඔබ සැමට අපිත් සමග එක්විය හැකියි. පරිසරයට ආදරය දක්වන බාලදක්ෂ කණ්ඩායම් සිටී නම් බාලදක්ෂ කණ්ඩායම් මට්ටමින් හෝ මී මැසි පාලනය සිදුකල හැකියි. මී මැසි පාලනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා පූර්ණ දැනුමක් ලබාගැනීමෙන් අනතුරුව මී මැසි පාලනය පුහුණුවීම් පදක්කම දිනාගත හැකිය. මතුගම බාලදක්ෂ මී මැසි ජනපදය හා ඔබත් එක්වීමට කැමති නම් මූලස්ථාන කොමසාරිස් චමින්ද වාර්යප්පෙරුම මහතා 0774 52 62 62 ඇමතිය හැකියි.

වැඩි තොරතුරු – baladakshaya.blogspot.com හෝ Scouting Magazine යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි.